බත් කන්නැති බබාලට පෝෂණීය නූඩ්ල්ස් එකක් හදන්නේ මෙහෙමයි.

0
248

හැමදාම බත් කන්න බෑ කියලා කලබල කරන පොඩ්ඩන්ට තමයි අද මේ රසම රස නූඩ්ල්ස් රෙසිපි එක ගෙනාවේ.  එළවලුත් එකතු කරලා පෝෂණීය මෙන් ම රසවත් විදියට මේ ආහාර වට්ටෝරුව දරුවාට දෙන්න පුළුවන්. නූඩ්ල්ස් කියන්නේ බත් වෙනුවට දරුවට කාබෝහයිඩ්‍රේට් දෙන්න පුළුවන් විදියක්. ඉතින් නූඩ්ල්ස් වලට එළවලු සහ මස් හෝ මාළු එකතු කරලා සමබල ආහාර වේලක් ලබා දෙන්නේ කොහොමද කියලා අපි බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය

නූඩ්ල්ස් 50g

කුඩා කැරට් අලයක්

ගොටුකොළ කිහිපයක්

කුඩා වට්ටක්කා කැබැල්ලක්

සුදුලූණු බික් එකක්

රතුළූණු ගෙඩියක්

කරපිංචා 

මාලු හෝ මස් අවශ්‍ය පමණ

පාන්පිටි තේ හැන්දක්

කිරි 100ml

පොල්තෙල් මේස හැන්දක්

අවශ්‍ය පමණ ලුණු

ගම්මිරිස් ටිකක්

හදන්නෙ මෙහෙමයි

නූඩ්ල්ස් ටික තම්බා ගන්න. මාලු හෝ මස් ද තම්බා කුඩා කැබලි වලට කඩා ගන්න. එළවලු ද කුඩා කැබලිවලට කපා ගන්න. දැන් තෙල් ටික රත් කරගන්න. එයට සුදුලූණු සහ රතුලූණු එක් කරන්න. සුවඳ එන විට පාන්පිටි එක් කර තරමක් බැදගන්න. දැන් කිරි ටික එක් කර හොඳින් මිශ්‍ර කර නටවා ගන්න.රස අනුව ලුණු සහ ගම්මිරිස් එක් කරන්න. ඉන්පසු එයට තම්බා කැබලි කරගත් මස් හෝ මාලු, තම්බා කුඩා කෑලි කපාගත් කැරට් සහ වට්ටක්කා, කුඩාවට කැපූ ගොටුකොළ එක් කර ගන්න. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here