හරියට ම බටර් කේක් එකක් හදන්නේ මෙහෙමයි

0
332

හරියට ම බටර් කේක් එකක් හදමු. 

බටර් සුවඳ එන  කේක් එකක් කන්න කවුද අකමැති. ඉතින් හවසට තේ බොන්න රස ම රස කේක් කෑල්ලක් හදාගන්න හරි ම විදිය තමයි මේ. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බටර් ග්‍රෑම් 200
  • සීනි ග්‍රෑම් 200
  • පාන්පිටි ග්‍රෑම් 200
  • බිත්තර තුනයි (ග්‍රෑම් 200යි)
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • වැනිලා එසන්ස් තේ හැඳි 1 1/2

හදන්නේ මෙහෙමයි

  • අවන් එක 180°C  preheat වෙන්න දාන්න.
  • කේක් තැටියේ බටර් ටිකක් ගාගන්න. නැතිනම් පාච්මන්‍ට් පේපර් එකක් දාන්න.
  • සීනි ටික බ්ලෙන්ඩ් කරගන්න. 
  • කාමර උෂ්ණත්වයේ ඇති බටර් සහ සිනී එකට එක් කර කලවම් කරන්න.
  • ඉන්පසු බිත්තරය බැගින් දමමින් බීට් කරන්න. 
  • දැන් පිටි සහ බේකින් පවුඩර් එකට කලවම් කරන්න..
  • එය බටර් මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න.

දැන් 180C° ට විනාඩි 20 – 25ක් බේක් කරගන්න. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here