දහඩිය ගඳෙන් වැළකෙන්නේ මෙහෙමයි

0
372

ශරීරයෙන් පිටවන ගන්ධයන් අතරින්, දහඩිය ගඳ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එය ප්‍රධාන වශයෙන් කිහිලි සහ ඉකිලි වලින් පිටවන අතර, සමේ අනෙකුත් ස්ථාන වලින් ද මද වශයෙන් පිටවේ. නමුත්, සමාජයේ බහුලවම ගැටළුකාරී වන්නේ කිහිලි වලින් පිටවන දහඩිය ගන්ධයයි. මක්නිසාද, එය ඔබව සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමට සමත් වේ.

මිනිස් සමෙහි දහඩිය හෙවත් ස්වේද ග්‍රන්ථි වර්ග දෙකක් පවතී.

මීරොක්‍රයින් ග්‍රන්ථි (Merocrine/Eccrine glands)
බොහොමයක් ස්වේද ග්‍රන්ථි මෙම වර්ගයට අයත් වේ. මෙම ග්‍රන්ථි වලින් ජලය සහ ලුණු සහිත දහඩිය පිටකරන අතර, දේහයේ උෂ්ණත්වය පාලනයට වැදගත් වේ.

ඇපෝක්‍රයින් ග්‍රන්ථි (Apocrine glands)
මෙම ග්‍රන්ථි හිසේ සම, කිහිලි, ඉකිලි, පියයුරු වල තන පුඩුව අවට (ඇරියෝලාව/Areola), සහ නාභිය අවට බහුලව ඇත. ඇපෝක්‍රයින් ග්‍රන්ථි වලින් දහඩිය සමග ස්නෙහය (Sebum) ශ්‍රාවය කෙරේ.

සාමාන්‍යයෙන්, දහඩිය ගන්ධයකින් තොරය. නමුත්, සම මත සිටින බැක්ටීරියා දහඩිය වල ඇති ප්‍රෝටීන් සහ මේදය රසායනිකව බිඳ දමමින් ගන්ධය ඇතිකරයි.

දහඩිය ගඳ ඇතිවීමට හේතු

බැක්ටීරියා
සම මත ජීවත් වන Corynebacterium, Staphylococcus epidermidis, සහ Propionibacteria දහඩිය ගඳ ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් හේතුවේ.

ආහාර පාන
සුදුලූණු, දුරු, ලූණු, මාළු, මත්පැන්, කෝපි සහ කැෆේන් (Caffaine) අඩංගු වෙනත් පාන වර්ග, තුන පහ, වෙනත් කුළුබඩු වර්ග, බදින ලද ආහාර, සහ පුලුස්සන ලද (Baked) ආහාර ආදිය දහඩිය ගඳ වැඩිකිරීමට හේතුවේ.

ජාන
ජපාන, චීන, සහ කොරියානු ජාතිකයන් වැනි පෙරදිග ආසියානුවන්ගේ සමෙහි ඇපෝක්‍රයින් ග්‍රන්ථි සංඛ්‍යාව අඩුය. එමනිසා, ඔවුන්ගේ දහඩිය ගඳ පිටවීම අඩුවේ. කිහිලි වල දහඩිය ගඳ ඇතිවීම ABCC11 නැමැති ජානයකින් තීරණය වේ. ඔබගේ කණෙහි වියලි ඉටි (Dry wax) ඇතිවන්නේ නම්, ඔබට කිහිලි වල දහඩිය ගඳ ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේ. මක්නිසාද, කණෙහි වියලි ඉටි ඇතිවීමට ද ABCC11 ජානය හේතුවේ. ජානමය රෝගයක් වන ට්‍රයිමෙතිල්ඇමයින්යූරියා (Trimethylaminuria) තත්ත්වය ඇති අයගෙන් දහඩිය ගන්ධය වැඩියෙන් පිටවේ. ඒ මෙම රෝගය නිසා ශරීරය තුළ ට්‍රයිමෙතිල්ඇමයින් (Trimethylamine) බිඳ දැමීමට නොහැකිවීම නිසාවෙනි. එමනිසා, මුත්‍රා සමග ට්‍රයිමෙතිල්ඇමයින් පිටවීම ද සිදුවේ.

ඇතැම් කායික රෝග

දහඩිය ගඳෙන් වැළකෙන්නේ මෙහෙමයි

දහඩිය ගන්ධය වැඩිකරන ආහාර පාන හඳුනාගෙන, හැකිතරම් ඒවා ආහාරයට ගැනීමෙන් වලකින්න. (සුදුලූණු, දුරු, ලූණු, 

මාළු, මත්පැන්, කෝපි සහ කැෆේන් (Caffaine) අඩංගු වෙනත් පාන වර්ග, තුන පහ, වෙනත් කුළුබඩු වර්ග, බදින ලද ආහාර, සහ පුලුස්සන ලද (Baked) ආහාර ආදිය)

දුම්පානය නතර කරන්න.

මානසික ආතතිය සහ සාංකාව හෙවත් අධික බිය පාලනය කරගන්න.

දහඩිය ගන්ධය වැඩිකරන රෝග වලට නිසි ප්‍රතිකාර ලබාගන්න.

දහඩිය ගඳ වැඩිකරන ඖෂධ සහ රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරන්න.

දිනපතා ප්‍රමාණවත් අයුරින් ජලය පානය කරන්න (දිනකට වතුර වීදුරු 8 ක් පමණ). මක්නිසාද, ජලය දහඩිය ගන්ධයට හේතුවන විෂ රසායන ද්‍රව්‍ය (Toxins) ශරීරයෙන් ඉවත්කිරීම පහසු කරවයි.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන්, දහඩිය ගඳෙන් ගැලවීමට ඔබට නොහැකි නම්, ඔබේ වෛද්‍යවරයා හෝ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Dermatologist) හමුවන්න. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here