හැමදාම පවතින ආදරයක් හොයනවනම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

0
187

ආදර සම්බන්ධයන් කියන්නේ වර්තමානයේ නම් හුඟක් කල් පවතින දෙයක් නොවෙයි. තරුණ තරුණියන් බොහෝමයක් මේ ගැන ලොකු කනස්සල්ලකිනුයි ජීවත් වෙන්නේ. ඒ වගේම ආදර සම්බන්ධතාවයක් සෞඛ්ය සම්පන්න, ධනාත්මක සහ සහයෝගීතාවයෙන් යුක්ත එකක් කරගැනීම ඉතාම අපහසු කාර්‍යයක්. නමුත් එය කළ නොහැකි දෙයක් නොවේ.

අපි අපගේ සබඳතාවලින් බොහෝ දේ බලාපොරොත්තු වනවා.නමුත් සත්‍යය නම්, අපි හැමෝම වගේ ජීවත් වෙන්නේ අපගේම පීඩාවන් ගැටලු බොහොමයක් තුල. එවන් විටක  දිගුකාලීන විවාහයක් හෝ සබඳතාවක් පවත්වා ගැනීම ඉතාම දුෂ්කරයි. නමුත් දිගුකාලීනව යම් ගැඹුරු ආදරයක් සහ ස්ථාවර පවුල් ජීවිතයක් ගත කිරීමට නම් ඔබට යම් කැපවීමක් උත්සහයක් සහ පරිණත බවක් අවශ්‍ය වෙනවා. ආදරය කියන්නේ ගොඩක් වෙලාවට අනෙකාව තේරුන් ගැනීම සහ පරිත්‍යාගයටයි. ආදරයට එයටම අවශ්‍ය වෙන ධෛර්යයක් තියනවා. ඉතින් මේ ලිපියෙන් අප ඔබට ගෙන එන්නේ ඔබට ඔබේ සහකරු සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගත හැකි යෝජනා කිහිපයක්.

01.සමාව දෙන්න

අමනාපය, කෝපය සහ දොස් පැවරීම ඔබේ ආදරණීයයා ඔබ රිදවන දෙයක් කරන විට ඔබ දක්වන සාමාන්‍ය ප්‍රතික්‍රියාව වේ. කෙසේ වෙතත්, සමාව දීමකින් තොරව, ඉතාම සුළු රිදවීම් මෙන්ම පාවාදීම් ද සම්බන්ධතාවයක් බිඳ දැමිය හැකිය.

සමාව නොදෙන පුද්ගලයින්ට බොහෝ විට තම සහකරුවා කෙරෙහි ධනාත්මක හැඟීම් පවත්වා ගැනීමේ ගැටළු ඇති බව නිරීක්ෂණය වෙයි. නමුත් සමාව දීම සඳහා නැඹුරු වන සහකරුවන්ට ඔවුන්ගේ සම්බන්ධතාවය පවත්වා ගැනීමට වඩා හොඳින් හැකි වන්නේ ඔවුන් තම සහකරු කර ඇති වැරදි මත පමණක් රැඳී නොසිටීමට දැනුවත් තීරණයක් ගන්නා බැවිනි.

  1. යථාර්ථවාදී වන්න

සෑම දිගුකාලීන සම්බන්ධතාවයකටම යම් යම් අවස්ථා වලදී බලාපොරොත්තු සුන්වීම් ඇතිවීම සාමාන්ය ලක්ෂණයකි. අප සියළු දෙනා මනුෂ්‍යයන් බැවින් යම් යම් අවස්ථාවන්හි අඩුපාඩු සිදුවීම හැමදෙනා අතින්ම සිදු වේ. එවන් විටෙක එම අඩුපාඩු මතම නොරැඳි ඒවා දිහා යථාර්ථවාදි කෝණයකින් බැලීමට හුරු වීම සාර්ථක සම්බන්ධයක රහසකි.

එවන් අවස්ථා වල ඔබ එකට ගත කළ ප්‍රීතිමත් කාලවල මතකයන් මතක තබා ගැනීම සහ ඔබට එම සම්බන්ධය ආරක්ෂා කරගැනීමට සහ එහි රැඳීසිටීමට කොතරම් අවශ්‍ය ද යන්න සිතා බැලීම ඉතා වටී.

  1. ආදර චාරිත්‍ර

ඔබ සහ ඔබේ සහකරු සමග එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය. සහකරුව පිලිගන්නා ආකාරය, සමුදෙන ආකාරය, වසරින් වසර උපන් දින , සංවත්සර ආදීය සමරන ආකාරය ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට උපකාරී වේ.

  1. ක්‍රියාශීලීව සවන් දෙන්න

ඔබේ සහකරු ඔබට යමක් පැවසීමට උත්සාහ කරන විට එයට බාධා කිරීම ඔහු හෝ ඇය කලකිරීමට හෝ අධෛර්යයට පත් කළ හැකිය.එසේම බැරෑරුම් සාකච්ඡාවක් කරන විට ඔබ කතා කරනවාට වඩා සවන් දීම ඉතා වැදගත් වේ.

05.අවංක වන්න

රහස් සහ බොරු ඕනෑම සම්බන්ධතාවයක පදනම දුර්වල කරයි. ගැටළු නොසලකා හැරීම (රහස් තබා ගැනීමේ වෙනත් ආකාරයක්) ඒවා ඉවත් කිරීමට හේතු නොවේ. වැදගත් වන්නේ ඔබේ හැඟීම් සහ සිහින සම්බන්ධයෙන් ගෞරවනීය, විවෘත සන්නිවේදනයකි.

06.සාධාරණව කතාකරන්න

සැබෑ මිතුරන් සහ වඩාත්ම ගැළපෙන හවුල්කරුවන් පවා තර්ක කරති. ඔබේ එකඟ නොවීම් ඔබේ සම්බන්ධතාවයට හානි කිරීමට ඉඩ නොදීම සඳහා එවැනි බහින්බස්වීමකදී භාවිතා කල ඔබ දෙපලට පමණක් අදාල හැකි මූලික නීති කිහිපයක් සකසා ගත හැකියි.

මේවාට අතර කුණුහර්ප නොකීම , අනෙකාව තදින් විවේචනයක් නොකිරීම, එක් එක් පුද්ගලයාට සම්පූර්ණයෙන්ම අදහස් දැක්වීමට ඉඩ දීම, සැබවින්ම එකිනෙකාට සවන් දීම සහ සාකච්චාව උණුසුම් වුවහොත් එයින් විවේවකයක් ගැනීම වැනි දේ ඇතුලත් විය හැකිය.

එසේම ඔබ සහ ඔබේ සහකරු කිසිදු ප්‍රගතියක් නොමැතිව එකම දේ ගැන තර්ක කරන්නේ නම්, චිකිත්සකයෙකුගෙන් හෝ විවාහ උපදේශකයෙකුගෙන් උපකාර ලබා ගන්න.

සියල්ලටත් වඩා ඔබ උදව් ලබා ගැනීමට ඔබේ සම්බන්ධතාවයට බරපතල ලෙස හානි වන තෙක් බලා නොසිටින්න. එක් අයෙකු හෝ දෙදෙනාම නිෂේධාත්මක හැඟීම්වල මුල් බැස ගැනීමට පෙර උපදේශනය ලබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here