කොණ්ඩයේ ගැටලු අපි ගොඩක් දෙනාට තියෙනවා. ඒ නිසා ම නීරෝගී කොණ්ඩයක් කියන්නේ බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. නිසි පරිදි සත්කාර කරනවා නම් කොණ්ඩය පහසුවෙන් නිරෝගී කරගන්න පුළුවන්. කොණ්ඩය ඉක්මනින් දික් වෙලා නිරරෝගී කරන මේ තෙල් සත්කාරය කරලා බලමු ද?
මෙම තෙල් සත්කාරය මගින් ඔබට ලැබෙන දේ
කොණ්ඩය ඝනව වැඩේ.
ඉක්මනින් කොණ්ඩය දික් වේ.
ඉස්සොරි පාලනය වේ.
කෙස් ගස්වල තෙතමනය සමතුලිත කරවයි.
අකලට හිස කෙස් පැසීම නැති කරයි.
දැන් අපි බලමු මේ වටිනා ආයුර්වේද තෙල් එක හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු පොල්තෙල් කෝප්පයක්
කරපිංචා ඉති කිහිපයක්
රතුලූණු ගෙඩි පහක්
උළුහාල් මේස හැන්දක්
ගොටුකොළ කිහිපයක්
කෝමාරිකා පිත්තක්
කලුදුරු මේස හැන්දක්
හදන්නේ මෙහෙමයි
පොල්තෙල් හැර ඉතිරි සියලු ද්‍රව්‍ය පිරිසිදු කර, අනවශ්‍ය කොටස් ඉවත් කර ගන්න.
දැන් ඒවායෙහි වතුර බිඳවත් නොතිබෙන සේ පිසදා ගන්න.
ඉන්පසු කරපිංචා, ගොටුකොළ, ලූණු කුඩා කැබලිවලට කපා ගන්න.
දැන් වතුර නැති තාච්චියක් ලිප තබා එයට තෙල් එක් කරන්න.
තෙල් නටන විට සකස් කරගත් ඉතිරි ද්‍රව්‍ය ටික තෙලට දමා අඩු ගින්දරේ විනාඩි 5ක් පමණ රත් කරන්න.
දැන් මෙය නිවෙන තුරු රැයක් පසෙකින් තියන්න.
ඉන්පසු හොඳින් වියළුණු බෝතලයක් ගෙන තෙල් එක එයට පෙරා ගන්න.
භාවිතා කරන ආකාරය
නාන්නට පැය දෙකකට පමණ පෙර තෙල් මේස හැන්දක් ගෙන රත් කර හිස් කබලේ ගා ගන්න.
දැන් විනාඩි දහයක් පමණ ඇඟිලිතුඩු වලින් හිස සම්බාහනය කරන්න.
පැය දෙකක් උණුසුම් තුවායක් ඔතාගෙන සිටින්න.
ඉන්පසු මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කොර සෝදා හරින්න.
මෙය දවස් දෙකකට වරක්වත් සිදු කරන්න.