හරියට ම බටර් කේක් එකක් හදමු.
බටර් සුවඳ එන කේක් එකක් කන්න කවුද අකමැති. ඉතින් හවසට තේ බොන්න රස ම රස කේක් කෑල්ලක් හදාගන්න හරි ම විදිය තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 200
- පාන්පිටි ග්‍රෑම් 200
- බිත්තර තුනයි (ග්‍රෑම් 200යි)
- බේකින් පවුඩර් තේ හැඳි 1
- වැනිලා එසන්ස් තේ හැඳි 1 1/2
හදන්නේ මෙහෙමයි
- අවන් එක 180°C preheat වෙන්න දාන්න.
- කේක් තැටියේ බටර් ටිකක් ගාගන්න. නැතිනම් පාච්මන්ට් පේපර් එකක් දාන්න.
- සීනි ටික බ්ලෙන්ඩ් කරගන්න.
- කාමර උෂ්ණත්වයේ ඇති බටර් සහ සිනී එකට එක් කර කලවම් කරන්න.
- ඉන්පසු බිත්තරය බැගින් දමමින් බීට් කරන්න.
- දැන් පිටි සහ බේකින් පවුඩර් එකට කලවම් කරන්න..
- එය බටර් මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න.
දැන් 180C° ට විනාඩි 20 – 25ක් බේක් කරගන්න.