කුරුලෑ පහසුවෙන් අඩු කරගන්නේ කොහොමද?

0
179

තරුණ වයසේ පසුවන බොහෝ දෙනකුගේ මුහුණෙහි ප‍්‍රසන්න බව නැති කිරීමටත්, මානසික පීඩනයක් ගෙන දීමටත් හේතුවන ගැටලූවක් ලෙස මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ ඇතිවීම හැඳින්විය හැකිය. මේ සම්බන්ධව මානසික අසහනයක් පැවතීමත් කුරුලෑ වැඩිවීමට හේතුවක් වේ. තවද කුරුලෑවලින් මිදීම පිණිස වෙළෙඳ පොළෙහි පවතින විවිධ ආලේපන වර්ග නිසි උපදේශයකින් තොරව ගැල්වීම නිසාත් වෙනත් ගැටලූවලට මුහුණපාන අවස්ථාද දක්නට ලැබේ. සමහර කෘති‍්‍රම ආලේපන වර්ග මගින් තාවකාලිකව මේ තත්ත්වය යටපත් කරන නමුත් එමඟින් මුහුණෙහි සම්මත විවිධ ආසාදන ඇති කිරීමට හේතුවේ. එම නිසා කුරුලෑ සඳහා ප‍්‍රතිකාර කිරීමේදී හොඳින් දැනුවත් වී ස්වාභාවික ප‍්‍රතිකාර සඳහාම යොමුවීම වැදගත්ය.

කුරුලෑ ඇති වෙන්නේ ඇයි? 

කුරුලෑ වඩාත් සුලබ වීම ශරීරයේ හෝමෝනවල කිුයාකාරකම් හා සම්බන්ධ වේ. වැඩිහිටි වියට පත්වන අවස්ථාවේදී සාමාන්‍යයෙන් ඇතිවන නමුත් ඔනෑම වයසකදී මෙය කිුයාත්මකවේ. ශරීරයේ ඇතැම් හෝර්මෝන හේතුවෙන් සමේ ඇති රෝම කුප(hair follicles ) අසල ඇති ග්‍රීස් නිපදවන ග්‍රන්ථි මඟින් අධික තෙල් ප්‍රමාණයක් නිපදවනු ලැබේ. (abnormal sebum-ඇබ්නෝමල් සීබම් ) මෙම අසාමාන්‍ය සීබම්, උපද්‍රව රහිත සමෙහි බැක්ටීරියා වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් කරනු ලැබේ. කුරුළෑ වඩාත් ආක්‍රමණශීලි තත්වයට පත්වූ විට දැවිල්ල සහ සැරව ඇති කරයි. හෝර්මෝන, රෝම කූප ඇතුළතට රිංගා ඝණ ද්‍රව්‍යයක⁣ට පරිවර්තනය වී හිසකෙස් සිදුරු අවහිර කරයි. සම පිරිසිදු කිරීමෙන් මෙම අවහිර කිරීම ඉවත් කිරීමට උපකාරි නොවේ. කුරුළෑ ⁣ඇතැම් පවුල් ආවේණික වූ පරම්පරාවෙන් පැවතෙන රෝග ලෙසද හැදින්විය හැක. ඔබේ දෙමව්පියන්ට මෙම රෝගය ඇත්නම් ඔබටත් මෙම රෝගය වැලදීමට ඉඩ තිබේ. ඔසප් චක්‍රය හෝ ගර්භනී සමයේදී ඇති වන හෝමෝන වෙනස්කම්, කාන්තාවන්ට ඇතිවන කුරුලෑ වල සිදුවීම් වලට හේතු විය හැක. ආහාර, දුර්වල ස්වස්ථතාව හෝ ලිංගික ක්‍රියාකාරකම්, කුරුලෑ වල ක්‍රියාකාරිත්වයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත.

කුරුලෑ පහසුවෙන් අඩු කරගන්නේ කොහොමද ?

අයිස්

අයිස් තැබීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ පහසුවෙන්ම ඉවත්කර ගත හැකි බව ඔබ දන්නවාද? රුධිර ගමනාගමනය ක්‍රමවත් කරමින් මුහුණේ සිදුරුවල රැදුණු කුණු ඉවත් වීමද මින් සිදුවෙයි. අයිස් කැටයක් රෙදි කැබැල්ලක ඔතා තත්පර කිහිපයක් මුහුණේ ලප කැලැල් ඇති ස්ථානවල තබන්න. සමේ ඉදිමුම් පවා මින් සමනය කළ හැකියි.

ලෙමන්

කුරුලෑවලට ප්‍රතිකාර කළ හැකි තවත් ආදේශකයක් වන්නේ දෙහිය. විටමින් B අඩංගු දෙහි යුෂ කුරුලෑ ලප වියළීමට සමත් වෙයි. කපු රෙදි කැබැල්ලක් දෙහි යුෂවල පොඟවා කුරුලෑ මත තෙත මාත්තු කර නින්දට යන්න. දෙහි යුෂ මේස හැන්දකට කුරුඳු කුඩු තේ හැන්දක් එක්කර සාදා ගන්නා පැක් එකක් කුරුලෑ ලප කැලැල් මත රැයක් තබා සෝදා හරින්න. මෙය කුරුලෑවලට මනා ප්‍රතිකාරයකි.

පැණි

මී පැණි ස්වාභාවික විසබීජ නාශකයක් ලෙසද ක්‍රියාකරයි. කපු රෙදි කැබැල්ලක් පැණිවල පොඟවා ආසාදන වූ සම මත ගල්වා පැය 1/2ක් පමණ තබා සෝදා හරින්න. මී පැණි, කුරුඳු කුඩු සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන්ද කුරුලෑ සුව කරගත හැකියි. මෙම මිශ්‍රණය මුහුණේ ගල්වා රැයක් තබා පසුදින උදයේ සිසිල් වතුරෙන් සෝදා හරින්න.

දන්තාලේප

දන්තාලේප දත් පිරිසුදු කිරීමට පමණක් නොව කුරුලෑවලට ප්‍රතිකාරයක් ලෙසද යොදා ගනියි. ජෙල් රහිත සුදු පැහැති දන්තාලේප මෙම සත්කාරයට වඩාත් සුදුසුයි. නිදා ගැනීමට පෙර කුරුලෑ කැලැල් මත දන්තාලේප ස්වල්පයක් ආලේප කරන්න. පසුදා උදෑසන ඒවා සෝදා ඉවත් කර ගන්න.

හුමාලය

හුමාලය ඔබේ සමට ප්‍රතිකාර කළ හැකි සුදුසුම ක්‍රමවේදයක්. හුමාලය සමට ඇල්ලීමෙන් සමේ රෝම විවර වෙයි. එවිට පිරිසුදු වාතය සමට හොඳින් ඇතුළු වීමට පහසුයි. එමෙන්ම කුණු දූවිලි හා සමේ තෙල් ගතියද ඉන් පහවයි. ජල බඳුනක් ළිප තබා එය රත්වූ පසු එහි හුමාලය මිනිත්තු කිහිපයක් මුහුණට වැදීමට සලස්වා පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. තෙත ගතිය ඉවත් වූ පසු තෙතමනය සුරකින ආලේපනයක් ගල්වා සමට ආරක්‍ෂාව සපයන්න.

සුදුලූනු

සුදුලූනු දිලිර බැක්ටීරියා මර්දනයට සුදුසුම ආහාරයකි. මෙනිසා සුදුලූනු කුරුලෑ සත්කාරවලටද යොදා ගනියි. සුදුලූනුවල අඩංගු සල්ෆර් මඟින් කුරුලෑ සුව කළ හැකියි. සුදුලූනු බිග් එකක් ගෙන දෙකට කපා කුරුලෑ මත මිනිත්තු 5ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. කරාඹුනැටි හා අමු සුදුලූනු, දෛනිකව ආහාරයට ගන්නේ නම් රුධිරය පිරිසුදුවීමේ ක්‍රියාවලියටද එය පහසුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here